පුත්‍රයෙක්මි
ඇයි අඬන්නේ පසුතැවී -ඇයි දුවන්නේ කළකිරී අසනු මැන ඔබ - ආරංචියකි සුබ සතුට සාමය ඇත අප ළඟ පිරී.(පුබුදු ගී 79) වෙලාව උදෑසන 5.14 යි.අද මා අවදි වුයේ පුත්‍ර භාවය පිළිබඳ හොඳ හැඟීමකිනි. පුබුදු අත්දැකීම නිධානයක් වැනිය.ගැඹුරට යන යන තරමට එහි වටිනාකම වැඩිය.රසවත් පළතුරක් වැනිය.රස විඳින විඳින තරමට විවිධ රසයන් අවබෝධ වන්නේය. මිනිසෙකුට තමන් පිළිබඳ අනන්‍යතාවය ඉතාම වැදගත්ය. මම මගේ ජීවිතය දෙස පසුපස හැරී බලමි.මගේ ජිවිතය පිළිබඳ අනන්‍යතාවය නිර්මාණය වී ඇත්තේ කෙසේ දැයි සිතන්නට පෙළඹෙමි.එවිට මට මෙසේ සිතෙයි.අතීතයේ මගේ අනන්‍යතාවය කෙසේ වූවද දැන් මට ඇත්තේ නව ජීවිතයකි. මට වැටහුණත් නැතත්.මා දැනගත්තත් නැතත්.මාගේ ස්වාමීන් ද රජාණන්ද වන ක්‍රිස්තුන් වහන්සේ මට නව අනන්‍යතාවයක් දී තිබේ.එසේ දීම සඳහා උන්වහන්සේට මුළු ස්වර්ගයම හිස් කිරීමට සිදු විය.තමන්වහන්සේට අසීමිත වද වේදනා විඳින්නට සිදුවිය.මට පියාණන් වහන්සේ මෙසේ කියනවා මෙන් ඇසෙයි. මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි. (ගීතාවලිය 2.7) ශුද්ධ බයිබලයෙන් උපුටන ගන්නට අන්තර්ජාල වෙබ් අඩවිය පිරික්සමි.එය නිසි පරිදි ක්‍ර